Post Views: 300 ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ ඉල්ලීම අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ 03 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. වෙරළ හා කළපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම රථ (Combat All Terrain Vehicle) ඉදිරියේදී කොළඹ සහ මන්නාරම ප්‍රදේශයන්හි වෙරළ තීර ආශ්‍රිතව සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා යොදා ගැනීමට නියමිතය. දැනට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයේ ඇති මෙම රථවල ක්‍රියාකාරීත්වය ද මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි. Post navigation ඉතිහාසයේ පළමුවරට පොලිස්පති තනතුරට කාන්තාවක්. “??? ????? ???? 2023” මෝටර්රථ හා යතුරුපැදි ප්‍රදර්ශනය කොළඹ BMICH හිදී.