Post Views: 285 මෙරට මුහුදු කලාපයට පමණක් නොව රටේ අභ්‍යන්තර පරිසරයට පවා මහත් හානියක් සිදුකරමින් ශ්‍රී ලංකාවට ආසන්නයේ විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමෙන් අදාල පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් සිදුවූ දූෂිතම වංචාවක් වූ ඩොලර් මිලියන 250 ක ගණුදෙනුවක් සම්බන්ධව තොරතුරු හෙළිදරව් විය. මේ සම්බන්ධව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් චාමර ගුණසේකර නම් අයෙකුගේ නමින් ඇති ගිණුමකට ඩොලර් මිලියන 250 ක මුදලක් බැරවී ඇති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පති වෙත දන්වා ඇති බවත් සදහන් කරන ලදී. එම පරීක්ෂණ මන්දගාමී ලෙසින් ක්‍රියාත්මක වන පසුබිමක මේ වන විටදී අදාල නමින් ලන්ඩනයේ නට්වෙස්ට් (Natwest Bank) බැංකුවෙ ක්‍රියාත්මක ගිණුම ගන තොරතුරු සමාජ මාධ්‍යයන් වල හුවමාරු වෙමින් පවතී. එම තොරතුරු අනුව, එකී ගිණුම චාමර ගුණසේකර යන නමින් අංක 154793334 යටතේ National Westminster Bank හෙවත් Natwest Bank හී ලන්ඩන් ශාඛාවේ ක්‍රියාත්මකව පවතී. එමෙන්ම එකී ගිණුම නැට්වෙස්ට් ප්‍රිමීයර් (Natwest Premier 5000 Pounds Account) වර්ගයට අයත් එකක් වන අතර එවැනි ගිණුමක් ඇරඹීමට නම් එක්සත් රාජධානියේ ස්ථීර පදිංචියක් තිබීමත් එක් අවශ්‍යතාවයකි. මේ සම්බන්ධව අදහස් දක්වන නීතී විශාරදයින් පවසන්නේ මෙම තොරතුරු අනුව අවශ්‍යතාව ඇත්නම් මෙම පරීක්ෂණ ඉතා කඩිනමින් අවසන් කිරීමට අදාල පාර්ශව වලට ඕනෑතරම් ඉඩ ප්‍රස්ථාව ඇති බවයි. Post navigation අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය. අධීවේගී මාර්ග ගාස්තු ඉහල නැංවේ.