ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනෙකු සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ.

තමන්ට ලැබුණු ස්ථාන මාරුවට එරෙහිව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික පොලිස් කොමිසම වෙත යවා තිබුණු ලිපි ද එම කොමිසම විසින් සලකා බලා ඇති අතර ඒ අනුව එකී කරුණු පිළිබඳ විමර්ශනය කර තීරණයකට එළඹෙන තෙක් අජිත් රෝහණ මහතාව පොලිස් මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර ඇත.

අජිත් රෝහණ මහතාට මාරුවීම ලබාදී තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා දැනට කිසිවෙකු පත් නොකර උතුරු මැද පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි වැඩබැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත්කර ඇත.

මෙම ස්ථාන මාරුවීම් ලැබූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය විසින්ද තම ස්ථාන මාරුව පිළිබඳව විරෝධය දක්වා තිබුණත් පොලිස් කොමිසම විසින් ේ සම්බන්ධව කිසිදු තීරණයක් දන්වා නැති බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *