Post Views: 332 රාජ්‍ය සේවා කොමිෂන් සභාව වරින් වර වෙනස් මත ඉදිරිපත් කිරීම නිසා විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම අතරමග නතරවි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී අනුරකුමාර දිසානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කල ප්‍රශ්ණ සදහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේබව සදහන් කරන ලදී. මෙහිදී වැඩිදුරටත් පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා, තමන් අමාත්‍යධූරයට පත්වන විට විදුහල්පති පුරප්පාඩු පිරවීමට එරෙහිව ගොනුකර තිබූ නඩු කිහිපයක් හේතුවෙන් අධිකරණයේ වාරණ නියෝග මත විදුහල්පති පුරප්පාඩු පිරවීම නතරව තිබූ බවත් තමන් මැදිහත්ව සියළු පාර්ශව ගෙන්වා සාකච්ඡා කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාවයද ලබාගෙන අධිකරණයට කරුණු වාර්තාකර එම නඩු කටයුතු අවසන් කරගෙන මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ඉදිරි කටයුතු කල බව සදහන් කරන ලදී. මෙම කටයුතු යන අතරතුරදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවා ඇති තවත් දැනුම්දීමක් අනුව පරස්පරතාවයක් ඇතිව තිබෙන නිසා දැනට මෙම කටයුත්ත නතරව තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා කෙසේ වුවත් මේ වන විටදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්ව යලි එහි කටයුතු ආරම්භව ඇති නිසා මේ සම්බන්ධව ඔවුන් දැනුවත් කර අදාල ගැටළුව සමතයකට පත්කර ගෙන මෙම පත්වීම් ලබාදීම කඩිනමින් අවසන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. Post navigation හරිත වර්තාකරණය ඉහල නැංවීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් වැඩමුළුවක්. අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය.