පරිසරය සුරැකීම සදහා ඩිජිටල් මාධ්‍ය අවකාශය වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීම මූලික අරමුණ ලෙස සලකමින් මාධ්‍ය ක්‍රේෂ්ත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන් ජංගම දුරකථනය හා ඒ ආශ්‍රිත උපකරණ භාවිතා කරමින් කටයුතු කිරීම (MoJo -Mobile Journalism) පිළිබදව අවබෝධයක් ලබාදීම සදහා දෙදින වැඩමුළුවක් 24 හා 25 දිනවල දී පැවැත්වුනි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් මෙයට පෙර පැවත්වූ හරිත වාර්තාකරණය (Eco Journalism) වැඩසටහන හදාරන ලද මාධ්‍යවේදීන් අතුරින් අයදුම්පත් කැදවා තෝරාගත් කණ්ඩායමක් සදහා මෙම දෙදින නේවාසික වැඩමුළුව පවත්වන ලදී.

සිංහල හා දෙමල භාෂා ද්විත්වයෙන්ම පැවැත්වූ මෙම වැඩසටහන සදහා එය අවසානයේ සහභාගීවූවන්ගෙන් ලැබුනේ ඉතාම ඉහල ප්‍රතිචාරයකි. මෙවැනි සාර්ථක වැඩසටහනක් පැවත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීන මාධ්‍යවේදී සජීව විජේවීර, “ඉතාමත් කාලෝචිත වැඩසටහනක් වූ මෙම වැඩසටහන මගින් බොහෝ කරුණු ඉගෙනගත් බවත් බොහෝ ආයතන තරුණ ප්‍රජාවට පමණක් විවිධ වැඩසටහන් සිදුකරත්දී දීර්ඝ කාලයක් සිට මාධ්‍ය ක්‍රේෂ්ත්‍රයේ කටයුතු කරන පරණත කණ්ඩායම් සදහා නව තාක්ෂණය භාවිතය ගැන ලබාදුන් දැනුම ඉතාම වටිනා බව” සදහන් කලේය.

මෙහිදී ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත උපාංග මෙන්ම විවිධ යෙදවුම් හසුරවන ආකාරය ගැන සිංහල මාධ්‍යයෙන් දැනුවත් කිරීම ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල් මහතා සිදුකල අතර දෙමළ මාධ්‍ය‍යෙන් වැඩසටහන මෙහෙයවීම කලවර්ෂ්නි කනගරත්නම් මිය සිදුකරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *