රටේ අද පවතින ආර්ථික අර්බුද සියල්ලට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන්ට තීරණ ගැනීමට තොරතුරු හා උපදෙස් ලබාදෙන රජයේ ඉහල නිළධාරීන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය.

නිදහස ලැබූ දා පටන් අපට ඔරොත්තු නොදෙන රාජ්‍ය පාලනයක නිරතව සිටි අප ණය මතම යැපුනු රටක් බවත් රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් රජයේ ආදායම් වැඩිකර ගැනීම, රජයේ වියදම් අවම කර ගැනීම මෙන්ම විදෙස් ආයෝජන වැඩිකර ගැනීමත් කලයුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා අප හැමදාමත් IMF එක රවට්ටපු නිසා අපට ගොඩ ඒමට බැරි වූ බව පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ සියල්ලට වගකිව යුත්තේ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පී බී ජයසුන්දර බව සදහන් කල අතර තවත් කිහිප දෙනෙකු ඒ අතරට එකතු වියයුතු බවත් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *