ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු සේවා අවශ්‍යතාවය මත සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝගයක් ඊයේ (25) නිකුත් කරන ලදී.

එම ස්ථාන මාරුවීම් නියෝගයට එරෙහිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ‍යේ ලේකම් වෙත ලිපියක් යවමින් සදහන් කරනුයේ, පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමට බලය ඇත්තේ ජාතික පොලිස් කොමිසමට වන අතර එයට පරිබාහිරව එවැනි මාරුවීමක් සිදු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට බලයක් නොමැති බවයි.

එමෙන්ම ස්ථාන මාරුවීම් පටිපාටියේ “ආවරණ අනුමැතිය” යනුවෙන් සිද්ධාන්තයක් නොමැති බවත් සිය ලිපියෙන් පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසම මෙම ස්ථාන මාරුවීම අනුමත කර නොමැති නම් එය අනීතික නියෝගයක් බවත් සදහන් කරයි.

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවද ඒ අනුව එවැනි අනීතික නියෝගය පිළිපැදීම තමන් නොකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මාරුවීම ලිපිය

අජිත් රෝහණ මහතාගේ ලිපිය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *