සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වෘත්තීය සමිති සාමාජිකයන් කොටසක් විවිධ ඉල්ලීම් මුල්කරගෙන මෙවර සමෘද්ධි අවුරුදු උත්සව වර්ජනය කලද තවත් පාර්ශවයක් එම කටයුතු මෙවරත් දිවයින පුරා ඉටුකරනු දක්නට ලැබුනි.

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් සමෘද්ධි සංගම්වල අවුරුදු උත්සව සදහා සහභාගීවූ පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චී මහතා එම එක් අවුරුදු උළෙලකට සහභාගී වූ අතර එහිදී කුඩා දරුවන් සදහා පැවති එක් තරගයක් සදහා දරුවන්ට ටොෆි විසී කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කලේ,

ආචාර්ය මහාචාර්යවරු දරුවන් බිල්ලට ගෙන තම අයිතිවාසිකම් සදහා සටන් කරන නමුත් එම ආචාර්යවරු අධ්‍යාපනය ලබන කාලසීමාවේ සිටි ගුරුවරු එවැනි ආකාරයට කටයුතු කලානම් අද මේ අයට ආචාර්ය මහාචාර්යවරු වීමට නොහැකි වන බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට කාදිනල් හිමි ගෙන යන සටන ගැන අදහස් දක්වමින් මංත්‍රීවරයා සදහන් කලේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් නොවන්නේ නම් හා කාදිනල් හිමි මෙම ප්‍රහාරය ගැන සියළු තොරතුරු දන්නේ නම් ඒ බව මෙන්ම සැකකරන අය ගැන ද පරීක්ෂණ කරන අංශවලට දැන්විය යුතු බවත් පැවසීය.

මෙම අවස්ථාවට පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *