Post Views: 298 2020 දෙසැම්බර් 11 වන දින, ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුව අවසන් කර එහි අවසන් වාර්තාව නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම ම්ලේච්ච් පාස්කු ප්‍රහාරයෙන් ඇමරිකානුවන් පස් දෙනෙකු ඇතුළුව 268 දෙනෙක් මිය යන ලදී. එම වාර්තාවට අනුව එම ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද ? එයට වගකිව යුත්තන් කවුරුන්ද? ඔවුන්ට මුදල්, පුහුණුව සහ මතවාදයන් ලබාදුන්නේ කවුරුන්ද? යන්න පිළිබදව සදහන්වන අතර එම වාර්තාව කතෝලික සභාව පිළිගන්නේද, නැද්ද ?, එසේ පිලිනොගන්නේනම් කතෝලික සභාව එම වාර්තාවට එරෙහිව කුමන පියවරක් ගන්නේද යන්න පිළිබදවත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විමසා සිටී. එකී නඩු තීන්දු වාර්තාවට අනුව, මොහොමඩ් නවුෆර් (Mohamed Naufar), මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (Mohamed Anwar Mohamed Riskan) සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් (Ahamed Milhan Hayathu Moahmed) යන තිදෙනා මෙරට අත් අඩංගුවේ සිටියදී මෙම නඩු විභාගය පැවැත්වී ඇති අතර ඔවුන් තිදෙනා අදාල ප්‍රහාරයට වගකිවයුතු බවට නිගමනය කර ඇත. සම්පූර්ණ වාර්තාව පහත සබැදියෙන් .. https://www.justice.gov/opa/pr/three-foreign-nationals-charged-conspiring-provide-material-support-isis Post navigation පාසල් දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න ආවොත් කරන දේ ජනපති කියයි ජාතික ජන බලවේගයේ මීගමුව විරෝධතාවයට වාරණ ඉල්ලූ පොලීසියට අධිකරණය කියූ දේ.