Post Views: 312 ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම සඳහා අවසර ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය ලබන 20 වැනිදා සිට බලපැවැත්වෙන බවත් සදහන්ය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම භාර ගනු ලැබ ඇති බවත් මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220 ක් පමණ වැය කරනු ලැබ ඇති බවත් අදාළ කැබිනට් තීරණයේ සඳහන් ය. කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පසුගිය අරගල කාලසීමාව තුළදී සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6 ක් වැය කරනු ලැබ ඇති බවයි. මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වා ගෙන යා යුතු නමුත් සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වා ගෙන යාමට අපහසු වී ඇති බව ද එහි සඳහන් ය. “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය 22 වන සෙනසුරාදා කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය හා තවත් රාජ්‍ය ආයතන කිහිපයක් එකමුතුව මේ මස 22 වන සෙනසුරාදා දින කොළඹ ගාලු මුවදොර භූමියේ දී “වසත් සිරිය 2023” නමින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සදහා මෙම තහනම බල නොපාන බවත් වාර්තා වේ. රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 ක් යටතේ මෙහි තරග ඉසව් සංවිධානය කර ඇති අතර එදින පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව්වලින් අනතුරුව ප.ව 6.00 සිට රාත්‍රී 12.00 දක්වා මියැසි ප්‍රසංගයක් ද සංවිධානය කර ඇත. Post navigation අවුරුද්දට සීයාගේ ගෙදර ගිය නිවේන් රංකැට ඇල්ලට වැටී ජීවිතක්ෂයට පාසල් දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න ආවොත් කරන දේ ජනපති කියයි