Post Views: 269 අලුත්ගම, දර්ගා නගරයේ පදිංචිව සිටි නිවෙන් දෙව්මිණ සිගිත්තා අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග නෙළුව, සුදුවැල්ලාව ප්‍රදේශයේ පිහිටි තම සීයා නිවසට පැමිණි ඇත්තේ ඊයේ (15) දිනයි. නිවසේ සිටියදී දරුවා අතුරුදහන්ව ඇති බව දැනගත් දෙමාපියන්ට දරුවා සොයාගත නොහැකි වූ බැවින් දරුවාගේ පියා නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත. පසුව පොලිසිය සහ ගම්වාසින් එක්ව දරුවා සිටි නිවස ඉදිරිපිටින් ගලා යන රංකැට ඇළට දරුවා වැටි සිටිදැයි කියා සොයා ඇති අතර මෙම දරුවා නෙළුව කිනියාවල මාර්ගයේ ගමන් කරමින් සිටි බව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සදහන් කොට ඇත. වයස අවුරුදු 02 ක් හා මාස 06 ක් වියැති මෙම දරුවා ඊයේ දවස වන විටත් සොයාගැනීමට නොහැකි වූ අතර පොලීසිය හා ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා කල සොයා බැලීමේදී දරුවාගේ සිරුර රංකැට ඇලේ තිබී අද (16) සොයාගැනීමට හැකිවී ඇත. දරුවා තනිව ඇවිද ගොස් ඇළට වැටුණ ආකාරය ගැන පරීක්ෂණයක් නෙළුව පොලිසිය සිදුකරනු ලබයි. Post navigation මංත්රී ජගත් කුමාර ගේ ප්රධානත්වයෙන් අඩු ආදායමලාභීන්ට සහල් ප්රධානයක් ගාළුමුවදොර පිටියට හානිවන සංදර්ශන, උත්සව වලට මින්පසු අවසර නැහැ.