Post Views: 295 2005 වසරේ ජූනි 30 වැනිදා, රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් ඝාතණය විය. ඝාතකයා වූයේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහය නම් තරුණයෙකි. ඝාතකයා විසින් ඉවෝන්ගේ හිස 40 වතාවක් බිත්තියේ ඇන තිබුණි. හිස් කබලේ බිඳීම් 64 ක් තිබූ බවද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය. රෝයල් පාක් ඝාතකයා අති විශාන ධනයක් සහිත පවුලක අයෙක් විය. මේ නිසා පොලිස් නිලධාරීන්ට, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට, දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට අල්ලස් ලබා දී ඝාතකයා බේරා ගැනීමට ජයමහ පවුල උත්සාහ කළේය. කෙසේ වුවද පොලීසියේ අවංක නිළධාරීන්ගේ කැපවීම නිසා රෝයල් පාක් ඝාතකයාට නීතියේ රැහැනින් පලා යාමට නොහැකි විය. ඝාතකයා පොලිස් අත්අඩංගුවට පත් විය රෝයල් පාක් නඩුව කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩුවකි. 2012 වර්ෂයේදී එම නඩුවේ තීරණය ලැබිණි.රෝයල් පාක් ඝාතකයාට මහාධිකරණයෙන් පැනවූයේ වසර 12 ක සිරදඩුවමකි. (මෙහිදී ඝාතකයාට දීර්ඝ සිරදඩුවමක් හෝ මරනීය දන්ඩනය නොලැබුනි). ඉවෝන්ගේ මරණය මිනීමැරුමක් නොව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව මහාධිකරණ විනිසුරුගේ තීන්දුව විය. ධනය බලය හිමි ජයමහ පවුලට දඩුවම තවත් ලිහිල් කරගැනීමට අවශ්‍ය විය. ජයමහ පවුල මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ගියේය. මෙය සිතා මතා කළ මිනීමැරුමක් බවත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවත් අභියාචනාධිකරණය තීන්දු කළේය. ඒ සමගම ජූඩ් ශ්‍රමන්තට මරණ දඬුවම නියම විය. එය අභියාචනාධිකරණය විත්තිකරුවකුට මරණ දඬුවම නියම කළ පළමු අවස්ථාව විය. මරණ දඬුවම ලබාදීමෙන් අනතුරුව ද ජයමහ පවුල සිය උත්සාහය අත්හැරියේ නැත. ඔවුහු ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුව ලබාදුන්නේය. එම තීන්දුව ලැබුනේ 2014 වසරේදීය . එහෙත් ගතවූයේ වසර දෙකකි. ජයමහ පවුල අතුරලියේ රතන නම් බෞද්ධ භික්ෂුව හරහා එවක ජනපති සිරිසේනට බලපෑම් කළේය. 2016 වර්ෂයේදී ජනපති සිරිසේන සිය විධායක බලතල භාවිතා කොට ඝාතකයාට පනවා තිබූ මරණ දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් බවට ලිහිල් කළේය. මෙය ලක්ෂ 200 ක ගණුදෙනුවක් බව මාධ්‍ය විසින් වාර්තා කළේය 2019 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති තරුණ සම්මේලනයක් අමතමින් ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දෙන බව ප්‍රකාශ කළේය. 2019 නොවැම්බර් 09 වැනි දින ඔහුට ජනාධිපති සමාව ලැබුණි. ඒ සමගම ඝාතකයාට ජනපති සමාව ලබා දුන්නේ විශාල මුදල් අල්ලසක් නිසා බවට ප්‍රවෘත්තියක් රට පුරා පැතිර ගියේය. සිරිසේනට එල්ලවූ අල්ලස් චෝදනාව බරපතල එකක් විය.මේ නිසා ජූඩ් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් කළේය. ජූඩ් නිදහස් කළේ ආගමික නායකයන් පිරිසක් කළ ඉල්ලීමක් අනුව බව ජනපති සිරිසේන කීවේය. එකී ආගමික නායකයන්, අතුරලියේ රතන, බද්දේගම සමිත සහ දකුණු පළාත් රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ සිටින බව සිරිසේන ප්‍රකාශ කළේය. රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ සිරිසේනගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කළේය. මෙරට නීතිය අනුව වරදකරුවෙකුට ජනපති සමාවක් ප්‍රධානය කළ හැකිය. නමුත් ඒ සඳහා 34 (ඈ) ප්‍රකාර ක්‍රමවේදයක් ඇත . 1.වරදකරු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. නීතිපතිවරයා ලබා දුන් උපදෙස් නිසි කටයුතු සදහා අධිකරණ ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය ඉන්පසු, අධිකරණ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතුය . සිරිසේන රෝයල් පාක් ඝාතකයා නිදහස් කළේ මෙම ක්‍රමවේදයට පටහැනිවය. මාධ්‍ය වාර්තා වලට අනුව ඝාතකයා නිදහස් කිරීමට අදාලව ජයමහ පවුල විසින් ලක්ෂ 300ක් මුදලක් ගෙවා ඇත. එය ජනපති සිරිසේන සම්බන්ධයෙන් බරපතල විෂමාචාරයක් විය. දෙරන රූපවාහිනිය සිය දේශපාලන වැඩසටහනක් තුලදී සිරිසේනගෙන් මේ පිලිබදව ප්‍රශ්න කළේය. ඝාතකයා නිදහස් කිරීමට මැදිගත් වූයේ අතුරලියේ රතන බවත් ඝාතකයා නිදහස් කිරීම වෙනුවෙන් ජයමහ පවුල විශාල මුදලක් ගෙවූ පුවත සත්‍ය බවත් සිරිසේන ප්‍රකාශ කළේය. නමුත් තමන් මුදල් නොගත් බවද සිරිසේන කියා සිටියේය. අතුරලියේ රතන හිමි, මූදල් ගත්තාද යන්න තමන් නොදන්නා බවද කීවේය. රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීම දූෂිත ගණුදෙනුවක් විය. මේ හේතුව නිසා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව නම් සංවිධානයක් සිරිසේන වග උත්තරකරුවෙකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට ගත්තේය ඒ අනුව රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීමට මෛත්‍රීපාල සිරිසේන විසින් භාවිතා කළ ලිපි ගොණුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 30 නියෝග කළේය. රෝයල් පාක් ඝාතකයා නිදහස් කිරීමට උපදෙස් දුන්නේ එවක සිටි නිතිපති දප්පුල ඩි ලිවේරාය. කෙසේ වුවද වරදකරුට සමාව දීමේ ක්‍රියා පටිපාටියට අදාල ලිපිගොනුව අතුරුදහන්ව ඇති බව මේ වන විට වාර්තා වී ඇත . ලිපි ගොණුව අතුරුදහන් වීම සිරිසේනට, රතනට සහ දප්පුලට සමාව දීමට හේතුවක් නොවේ. පසු සටහන – බැඳුම්කරය පාදක කරගනිමින් සිරිසේන සහ දප්පුල එක්ව රනිල් මහ උළුගෙදර යැවිමට කුමන්ත්‍රණය කළේය. දැන් ඊට රිටන් එක දෙන හෝරාව පැමින ඇත. (උපුටා ගැනීමකි. අන්තර්ගතය සම්බන්ධව වගකීම කතෘ සතුය) Post navigation ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් අපේ ණය සදහා ගනු ලබන පියවර අද ප්‍රකාශ කරයි. රිලව් රට පැටවීම සහ සංස්කෘතික මතිමතාන්තර හා ඈදුණු කථාබහ