ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය සමග ආර්ථිකය ස්ථාවර කරගැනීමේ සටනක සිටින ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් තම වැඩපිළිවෙළ අද (13) ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.

ඇමෙරිකාවේ වොෂිංටන් හිදී මෙම රටවල් විසින් ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මෙරටට හිමිවීමත් සමග ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළ කිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබේ. ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම මෙහිදී සිදුකිරිමට නියමිතය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *