Post Views: 475 දහම් පාසල් දරු දැරියන් සඳහා සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සංවිධානය කල අවුරුදු උත්සවයක් ඊයේ (09) දින ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. කඩුවෙල වැලිවිට ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති මීවැල්ලාව පඤ්ඤාතිස්ස හිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත ශ්‍රී විජිත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණි. සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතුරින් නොනගතය ලැබීමේ සිට හිසතෙල් ගෑම, රැකී රක්ෂා සදහා පිටත්ව යාම දක්වා වූ සියලු චාරිත්‍ර වාරිත්‍ර මෙහිදී සිදු කරමින් දරු දැරියන් දැනුවත් කිරීම ඉතා විචිත්‍රවත් ලෙස සිදු කරනු ලැබුණි. මෙයට අමතරව සිංහල ජන ක්‍රීඩා සියල්ලක්ද ඇතුලත්ව අවුරුදු උත්සවය ද දරු දැරියන්ගේ විනෝදාස්වාදය හා අවබෝධය උදෙසා සංවිධානය කර තිබෙනු දක්නට ලැබිණි. Post navigation සමුද්‍ර නාවික ආරක්ෂකයන්ගේ වැටුපටත් බදු ගහන රක්නා ලංකා හෝමාගම රෝහලේ නිර්මාතෘ දානපති බී ඒ සෙමනේරිස් අප්පුහාමි මහතාගේ 75 වන ගුණානුස්මරණය සැමරේ.