රටේ පවතින ඩොලර් අර්බුදයෙන් ආණ්ඩුව සහ ජනතාව ආර්ථික පීඩාවකට පත්ව සිටින අවස්ථාවක රටට ඩොලර් ගෙන ඒමට කටුක හා අති දුෂ්කර රැකියාවක නියුතු සමුද්‍ර ආරක්ෂක නාව්කයන්ගේ මාසික වැටුපෙන් මෙරට පෞද්ගලික ආරක්ෂක සමාගමක් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව එම ශ්‍රමිකයන්ගෙන් තැරැව්කාර ගාස්තු සහ සුභසාධක ගාස්තු වශයෙන් මසකට අය කරනු ලබන ඇමෙරිකන් ඩොලර් 120 ක මුදලට අමතරව රජයේ නව බදු පනතට අනුව සෑම ශ්‍රමිකයෙකුගෙන්ම තවත් රුපියල් තිස් පන්දහසකට වැඩි මුදලක් අය කරන බව සමුද්‍ර නාවික ආරක්ෂක සංගමයේ කැදවුම්කරු ලේකම්ගේ අනුර මහතා පවසයි.

තම සංගමයේ සාමාජිකයින්ට සිදුවන මෙම අසාධාරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුම්වත් කොට ඇති බව පැවසූ සමුද්‍රීය නාවික ආරක්ෂක නිලධාරි සංගමයේ කැඳවුම්කරු ලේකම්ගේ අනුර මහතා ඊට පිළිතුරු ලෙස ඒ සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්නා බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ට්විටර් පණිවිඩයක් මගින් තම සංගමයට දුන් පොරොන්දුව මේවනවිට පුස්සක් බවට පත්වී ඇති බවත් කිය.

විදේශීය නෞකාවල නිරතව සිටින බොහෝ නාවිකයින් පිරිසකගේ වැටුප ගිවිසුමක් මගින් රක්නා ආරක්ෂක සමාගම වෙත ගෙන්වාගෙන ඔවුන්ට එම ව්දේශීය සමාගම් වලින් ලබාදෙන වැටුපෙන් දිනකට ඩොලර් හතර බැගින් වනසේ එක් අයෙකුගෙන් මසකට ඩොලර් එකසිය විස්සක් බැගින් අයකර ඉතිරි වැටුප අදාල ශ්‍රමිකයන්ට ලංකා මුදලින් ඔවුන්ගේ ගිණුම වලට බැරකිරීම කලක සිට කරගෙන එන බවත් එයට අමතරව මෙම බදු මුදල කපා ගන්නා බවත් සදහන් කරයි.

මේ පිළිබදව කල සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මෙම නාවික ආරක්ෂකයින්ගේ වැටුප් මුදල් වලින් සැලකියයුතු ප්‍රමාණයක් විවිධ හේතූ සඳහන් කරමින් රක්නා ලංකා ආයතනය කපාගනු ලබන බවත් මෙම නාවිකයන් විදෙස් නෞකාවල සේවයට යොමු කිරීම පමණක් කරන රක්නා ලංකා ආයතනය මෙසේ සිදුකිරීම බරපතල අසාධාරණයක් බවයි. විශේෂයෙන්ම මෙම නාවිකයන්ගේ වැටුපට අදාලව නිසි පරිදි සේවක අර්ථසාධක ගෙවීම් පවා කර නැති බවත් හෙළිදරව් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *