Post Views: 323 දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජාතික සෞඛ්‍ය සේවාවට දක්වන දායකත්වය ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත දායාද කරලීමේ අරමුණින්, විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම සිදු කෙරුණි. මෙසේ ලියාපදිංචි කල ආයුර්වේද වෛද්‍යවරුන් සදහා ලියාපදිංචි සහතික ලබාදීම, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන ශ්‍රවණාගාරයේදී අද (06) සිදු කෙරුණි. මෙහිදී, සර්වාංග, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ෂ විෂ, ගෙඩිවන හා අක්ෂි රෝග යන කාණ්ඩ යටතේ සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකු සදහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලදී. එම අවස්ථාවේදී අදහස් දැක්වූූ රාජ්‍ය අමාත්‍යවරයා, අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට නිසි තැන දෙනවා නම් අද අපේ රටේ සෞඛ්‍ය සේවා වියදමින් 50% ක් අඩු කර ගන්න පුළුවන්. අද සෞඛ්‍ය සේවාවට බිලියන 480 ක වැය බරක් දැරීමට සිදුව තිබෙන්නේ එක වෛද්‍ය ක්‍රමයක් මත යැපෙමින් අපේ දේශීය දැනුම් පද්ධති නොසලකා හැරීම නිසයි. රටක් විදියට දේශීය වෛද්‍ය ක්‍රම පෝෂණය කර ඒ සදහා වැඩි ඉඩකඩක් ලබා දුන්නොත් බටහිර රෝහලකට එක් දේශීය වෛද්‍යවරයෙක්, ආයුර්වේද වෛද්‍යවරයෙක් අන්තර්ග්‍රහණය කළහොත් ලංකාවේ සෞඛ්‍ය සේවාවට යන වියදම 50% කින් අඩු කර ගන්නට පුළුවන්. බටහිර වෛද්‍ය සේවාව හා දේශීය වෛද්‍ය සේවාව ඒකාබද්ධ වැඩපිළිවෙලකට ගමන් කළ යුතුයි. එය ඉදිරි කාලයේදී අනිවාර්යෙන් සිදු වේවී. බටහිර රෝහල් තුළට ආයුර්වේද වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කරනවා සේම, ආයුර්වේද රෝහල් තුළ පාරම්පරික වෛද්‍යවරුන් ඉඩ ප්‍රස්ථාව සැලසිය යුතුයි. එවිටයි මේ ක්ෂේත්‍රයට ඉදිරි ගමනක් යා හැක්කේ. පසුගිය කාලයේ ඇතිවූ ගෝලිය තත්වයන් මත නිසි පරිදි පරීක්ෂන අවසන් නොකල විවිධ ඖෂධ වර්ග ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් භාවිතා කල බවත් දැන් ඒවායේ අතුරු ආබාධ මතුවෙමින් පවතින බවත් පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ හා පාරම්පරික ඖෂධ වල අතුරු ආබාධ නොමැති බවත් ඒවා වසර දහස් ගණනක සිට පැවත එන නිසා අළුතෙන් පරීක්ෂන කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසීය. මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී අජිත් කුමාර යන මහත්වරුන්, පාරම්පරික වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියේය. Post navigation සමෘද්ධි බැංකු වර්ජනයේ බව කීවත් එසේ නැති බව මංත්‍රී ජගත් කුමාර කියයි. සමුද්‍ර නාවික ආරක්ෂකයන්ගේ වැටුපටත් බදු ගහන රක්නා ලංකා