Post Views: 302 X press pearl නෞකාවේ පරිසර හානියට ඉදිරි දින 45 ඇතුළත නඩු පැවරීමක් සිදු නොකළහොත් වන්දිය අනතුරේ බව පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රකාශ කරයි. 2021 මැයි මස 19 දින කොළඹ වරාය ආසන්නයට පැමිණ මැයි 25 දින පුපුරා ගොස් ජුනි මස 02 දින ශ්‍රී ලංකා මුහුදේ ගිලී ගිය x-press feeders නම් සිංගප්පූරු සමාගමට අයත් express pearl නෞකාව සිදුකළ අනතුර ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. එහි ජේෂ්ඨ්‍ය උපදේශක හේමන්ත විතානගේ ඊයේ (04) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අදහස් ප්‍රකාශ කල අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පාරිසරික හානියට නිසි වන්දියක් ලබාගැනීමට රජය කටයුතු කර නැති බවත් පෙන්වාදෙන ලදී. මෙරට මුහුදු සීමාවේ මුහුදුබත් වූ මෙම නෞකාවේ තිබූ බහලුම් 1486 අතුරින් අසූ එකක් පරිසරයට ඉතා අහිතකර හා අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබුණු අතර බහාලුම් 349 ක තිබූ මෙට්‍රික් ටොන් 9700 වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6700 ක විවිධ වර්ග වල ප්ලාස්ටික් පබලු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබිඩික් අම්ලය ඇතුළු පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කීපයක් තිස්සේ ගිනි ගනිමින් විශේෂයෙන්ම මීගමුව අවට මුහුදු තීරයේ ලංකාව වටා කිලෝමීටර් 750 ක මුහුදේ වැඩි ප්‍රදේශයක මෙන්ම ඉන්දියානු සාගරය පුරාමත් සමුද්‍ර දූෂණය සිදුකරමින් පැතිරී ගිය බව හේමන්ත විතානගේ මහතා පැවසීය. රට ආර්ථික අතින් බරපතල ගැටළුවක සිටින අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.9 ක ණයක් ගන්න කල මහන්සිය එමෙන් දෙගුණයකටත් වඩා වැඩි වන්දියක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කල හානීයට ගත හැකි වන්දිය ලබා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම බරපතල සැකයක් බවත් මෙහිදී සදහන් කරන ලදී. express pearl නෞකාවෙන් මෙරට මුහුදට හා පරිසරයට මෙන්ම ජනජීවිතයට සිදුවූ හානිය වෙනුවෙන ඩොලර් බිලියන 10 ක පමන වන්දියක් ලබාගැනීමට අප රටට අවස්ථාව තිබූ බවත් නමුත් රජය මගින් ඉල්ලා ඇත්තේ ඩොලර් බිලියන 6.4 ක මුදලක් බවත් පෙන්වාදෙන හේමන්ත විතානගේ මහතා මෙසේ වන්දිය අඩුවෙන් ඉල්ලීමත් සැක සහිත බව පැවසීය. පරිසර යුක්ති කේන්ද්‍රය විශ්වාස කරන ආකාරයට මෙම express pearl නෞකාවේ වන්දිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිය යටතේ ඇත්තේ වසර දෙකක කාලයක් වන අතර එම වසර දෙකේ කාල සීමාව මෙම 2023 මැයි මස 19 වන දින අවසන් වන බව බවත් ඒ සඳහා ඇත්තේ දින 45 ක් පමණක් වන බවත් සඳහන් කර සිටී. එමෙන්ම මෙම වන්දි ලබා ගැනීම සදහා අමාත්‍ය අලි සබ්රි හා අමාත්‍ය විජේදාස රාජපක්ෂ ගේ අනු දැනුම මත රජය මේ වනවිට සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් හේමන්ත විතානගේ මහතා එහි නීතිමය තත්වය විවාදාත්මක බවත් මේ තුලින් අදාල වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාව අහිමිවුවහොත් එයට වගකියන්නේ කවුරුන්ද යන්න විමසීය. Post navigation ඉන්ධන කෝටාව ඉහල නංවයි ආරක්ෂක ලේකම් විසින් මාධ්‍යවේදී චමුදිත ඇතුළු තිදෙනකුගෙන් මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි.