අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.
ඒ අනුව සතියකට,
විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද,
සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද,
යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද,
බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද,
කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20 ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,
ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද,
ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද,
Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද,
විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,
වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
උත්සව කාලසීමාව තුල කිසිදු හිගයක් ඇති නොවන පරිදි, උත්සව සමයේ වැඩිවන ඉන්ධන අවශ්‍යතාව සදහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය තොග ඇණවුම් කර ලබා ගෙන ඇති නිසා අනවශ්‍ය පරිදි ඉන්ධන රැස් කිරීම නොකලයුතු බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *