Post Views: 297 සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ උපදෙස් මත, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් සිදු කිරීමට නියමිතය. සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරෙන මෙම මාහැගි පුණ්‍ය ක්‍රියාව මේ මස 31 දින සිදු කෙරෙනු ලබන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව 31 දින රාත්‍රී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පැලවත්ත මයුරපාද පිරිවෙන් පරිවේණාධිපති ආචාර්ය වලේබඩ ගුණසිරි නාහිමිපාණන්ගේ අනුශාසනා මෙහෙයවීම මත සිදු කිරීමටත් පසුදින එනම් අප්‍රේල් මස 01 දින පනස් නමක් විෂයයෙහි සිදු කෙරෙන්නාවූ සංඝගත දක්ෂිණාවක් ද වේ. Post navigation යක්කල ආයුර්වේද කලාපයට දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ සහාය. ඉන්ධන කෝටාව ඉහල නංවයි