දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීම යථාර්තයක් කරලීම උදෙසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම් හී සහයෝගය ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (28) දින පැවැත්විණ.

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගත් දේශීය ආර්ථිකය නංවාලීමට දායක වන දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු පහසුකම් වලින් යුත් ප්‍රධාන කලාපයක් බවට මෙම ආයුර්වේද කලාපයට පත් කිරීමට නියමිත අතර එම කලාපය තුළදී දේශීය, පාරම්පරික හා ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්, පංචකර්ම ප්‍රතිකාර සේවාවන්, රූපලාවණ්‍ය ප්‍රතිකාර සේවාවන්, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ අලෙවි කුටි, ඖෂධ පැළෑටි අලෙවිය, ප්‍රචාරණය, මිලදී ගැනීම මෙන්ම ප්‍රවර්ධන සේවා ඇතුළු සියලු සේවාවන් ජනතාව වෙත ලබා දීමට නියමිතය.

මෙම සාකච්ඡාව ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යලයේ කුලපති මහාචාර්ය රංජන ඩබ්. සෙනෙවිරත්න මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුලු විශ්ව විද්‍යාලීය මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම්හී සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර එහිදී ආයුර්වේද කලාපය පිහිටුවීමේ වැඩපිළිවෙල සඳහා ඖෂධ සමාගම්හී එකඟතාවය සහ සහයෝගය පළ කෙරුණු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත ආයුර්වේද කලාපයේ ස්ථානීය නිරීක්ෂණයක රාජ්‍ය අමාත්‍ය ඇතුළු පිරිස නිරත විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *