රාජගිරිය මොරගස්මුල්ල විද්‍යාලයේ සිසු දරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් ඊයේ (28) එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත ලෙස, ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය මෙන්ම බස්නාහිර පලාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්ෂණ හා මහජන සාමය කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය සහභාගීවූ අතර ප්‍රවීන චිත්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත්, ප්‍රවීන ලේඛිකා තනූජා අයගම, නීතීඥ සමන්ත පීරීස් යන මහත්ම මහත්මියන් ඇතුළු සම්භාවනීයයන් පිරිසක්ද සහභාගී විය.

පාසලේ විදුහල්පතිනී නදී වික්‍රමරත්න මහත්මියගේ දැඩි කැපවීම මත සීඝ්‍ර සංවර්ධනයකට ලක්වෙමින් දියුණුවට පත්වන සීමීත සිසු පිරිසකින් යුක්ත මෙම පාසල විශේෂයෙන්ම වැදගත්වන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා නිසා විවිධ සමාජ විරෝධි ක්‍රියාකාරකම්වලට විශාල ලෙස යොමුවන පිරිසක් සිටින සමාජ වටපිටාවක ජීවත්වන දරුවන් බහුතරයක් මෙහි අධ්‍යාපනය ලබන නිසාය.

මෙම දරුවන් තමන් මුහුන පාන එවැනි අත්දැකීම්වල ගොදුරක් නොවී තම අධ්‍යාපන කටයුතුවලට අවධානය දෙමින් ඉදිරියට රැගෙන ගොස් සමාජයට වැඩදායක පිරිසක් ලෙසට හැඩගැස්වීමේ වගකීම තමන් ඇතුළු ගුරු මංඩලය ඉතා වගකීමෙන් ඉටුකරන බවත් මෙහිදී විදුහල්පතිනිය සදහන් කලාය.

චිත්‍ර හා මූර්ති නිර්මාන ඉදිරිපත් කල සිසු දරුවන් අගයමින් සහතික හා ත්‍යාග ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *