Post Views: 280 බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. ගාළුමුවදොර අරගලය භූමියට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් ඔහුව නම් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින ලදී. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කරන ලදී. පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී. Post navigation ඇමති බන්දුලට හූ හඩින් විරෝධය පෑ පිටිපන හංදියට අළුත් නමක්. ඉල්ලීම් නොලැබුනොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.