Post Views: 271 හෝමාගම පිටිපන මංසන්දිය අසළ මුල්ගලක් තැබීමේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනට හූ කියා විරෝධය දැක්වීමේ සිදුවීමක් පසුගිය 23 දා සිදුවිය. එසේ විරෝධය පලකල පුද්ගලයාට එරෙහිව ඇමතිවරයා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහරින ලදී. මෙම සිදුවීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පිටිපන ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යනු ලබන අයෙකු වන අතර ඇමතිවරයාගේ බලපෑම් මත තමන්ට එරෙහිව බොරු චෝදනා ගොනුකර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව සදහන් කරයි. මෙම සිදුවීමෙන් අනතුරුව එසේ විරෝධය පලකල පුද්ගලයාට එරෙහිව බොරු චෝදනා මත පොලීසිය කටයුතු කිරීමට විරෝධය පෑමක් ලෙස ප්‍රදේශවාසීන් විසින් හෝමාගම – පිටිපන හන්දිය “බන්දුල “හූ” කාපු හන්දිය” ලෙස නම් කර නාමපුවරුවක් සවිකර ඇත. Post navigation ඛනිජ තෙල් පෞද්ගලීකරණයට එරෙහිව උපවාසයක්. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සමකට අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය.