Post Views: 266 පොලිස්පති ධුරය සඳහා නිර්දේශ වී සිටින දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මතයක් ගොඩනඟමින් සිටින්නේ අරගලයට සහාය දැක්වූ දේශපාලන පක්ෂ, නීතීඥ සංවිධාන සහ සිවිල් සංවිධාන විසින් බව මැති ඇමතිවරුන් ජනපතිට කියයි. දේශබන්දු තෙන්න්කෝන්ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂාකිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට පියවර ගත් නිසා බවත් මංත්‍රීවරු ජනපතිට පෙන්වා දී ඇත. එබැවින්, ආණ්ඩුවත් රටේ නීතිය හා සාමයත් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ දේශබන්දු තෙන්නකෝන්ට මේ මොහොතේ පොලිස්පති ධුරය ලබා නොදුනහොත් මින් ඉදිරියට කිසිදු රජයේ සේවකයකු ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවනු ඇති බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරුන් ආණ්ඩුව ආරක්ෂා කරන රජයේ සේවකයින්ව ආණ්ඩුව විසින් ආරක්ෂා නොකරන බවට මතයක් ඔවුන් අතර පැතිර යාමෙන් ඉදිරියේදී ඕනෑම මොහොතක ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක් ද උද්ගත විය හැකි බවට අනතුරු හඟවා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි. Post navigation මහාමාන්‍ය ඩී. එස් සේනානායක ගුණසමරුව ජනපති ප්‍රධානත්වයෙන්. ඛනිජ තෙල් පෞද්ගලීකරණයට එරෙහිව උපවාසයක්.