ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන අඩුමිලට පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණෙන් ‘කොළඹ නව අලෙවි පියස’ ආරම්භ කිරිම අද ( මාර්තු 21 ) උදෑසන සිදුකෙරිණි.

කිරුළපන, ස්ට්‍රැෆඩ් ඇවනියුහි අංක 61 දරන ස්ථානයේ මෙම අලෙවි පියස ආරම්භ කල අතර වාලච්චේන කඩදාසි නිෂ්පාදනයන් වලින් නිර්මිත පාසල් අභ්‍යාස පොත් අවම මිලකට වෙළද පොළට ඉදිරිපත් කිරීමට සහ කාෆ්ට් කඩදාසි ( Kraft Paper ), මැනලා කඩදාසි , සුදු මුද්‍රණ කඩදාසි, කෑම පාර්සල් එතීම සදහා ගනු ලබන කඩදාසි ( Meal Wrapping) ආදී වාලච්චේන නිෂ්පාදිත කඩදාසි වර්ග අලෙවි කිරීම මෙහිදී සිදු කෙරේ.

මෙම අවස්ථාවේදී වාලච්චේන නිෂ්පාදිත අභ්‍යාස පොත් කට්ටල එළිදැක්වූ අතර එහිදී ආරම්භයක් ලෙස ජාතික කඩදාසි සමාගමේ කොළඹ අලෙවි පියස වෙත රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂ අටදහස් හත්සිය පනහක කඩදාසි හා අභ්‍යාස පොත් ඇනවුම් භාරදීමද සිදු කෙරුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *