නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද (21) වැඩි ජන්දයෙන් පරාජයට පත්වී තිබේ. යෝජනාවට විරුද්ධව ඡන්ද 113 ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙම යෝජනාව පිළිබඳව පසුගිය දිනවලදී ජාතික සංවිධාන විසින් ද දැඩි විරෝධයක් දක්වන ලද අතර, නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමේ යෝජනාවට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද තම අදහස් දක්වීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *