Post Views: 267 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර සිල්වා මහතා පැවසුවේය. ජනාධිපති නීතිඥවරයා මේ බව සදහන කලේ, දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින. පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීම බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ. මෙම පෙත්සම සම්බන්ධ වැඩිදුර විභාගය එළඹෙන 30 වැනිදාට නියම කරන ලදී. Post navigation පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගෙන් ජනපතිට රතු එළියක්. චන්දිම වීරක්කොඩි පමණක් කැමැත්ත පලකල නීතී ගැසට් නිවේදනය වැඩි ඡන්දයෙන් පරාද වේ.