Post Views: 235 මහජන නියෝජිතයන් මගින් ක්‍රියාත්මක වියයුතු ප්‍රධාන ආයතන දෙකම ජනපතිගේ බලයට නතුවීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය. මෙතෙක් දිනක් පළාත් සභා ක්‍රියාත්මක වුයේද මහජන නියෝජිතයන්ගෙන් තොරව ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුකාරවරු 9 දෙනෙක් මගින් බවත් ජනතාව පළාත් සභා ක්‍රියාත්මක නොවන්නේ යැයි සිතා සිටිය ද පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත් එය පාලනයට මහජන නියෝජිතයන් නොමැතිව කෙරෙන බවත් ඊයේ සිට පළාත් පාලන ආයතනය ද රාජ්‍ය නිලධාරීන් හරහා පාලනය වන බවත් කාරියවසම් මහතා පැවසීය. පළාත් සභා පවත්වාගෙන යන්නේ නම් මහජන නියෝජිතයන් හරහා පාලනය වියයුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම හඩනැඟූ බවත් පැවසූ කාරියවසම් මහතා පලාත් පාලන ආයතනද මේ තත්වයට පත්වීම ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධී කටයුත්තක් බවත් පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. Post navigation දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවට අභියාචනාධිකරණය කල නියෝගය. දුමින්ද සිල්වා නිදහස් කිරීම අභියෝගයට ලක්කල නොහැකියි.