Post Views: 267 බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අදාළ පැමිණිල්ල ගොනුකර තිබේ. මේ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කර ඇත. Post navigation ජනසුවය උදෙසා සුවධරණී වෛද්ය සායන මාලාවක් පෑළියගොඩින් ඇරඹේ. පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගෙන් ජනපතිට රතු එළියක්.