Post Views: 259 අර්බුද ගණනාවකට රට මුහුන පා ඇති අවස්ථාවක ආර්ථික අපහසුතා නිසා තම සෞඛ්‍ය උදෙසා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම අතපසුව ඇති අඩු ආදායම්ලාභී නාගරීක ජනතාව වෙනුවෙන් “සුවධරණී” නමින් වෛද්‍ය සායන මාලාවක් ක්‍රියාත්මක කිරීමට දේශීය වෙදකම් ප්‍රවර්ධනය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් අද (18) පෑලියගොඩින් ආරම්භ කරන ලදී. පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී ඇරඹී මෙම වෛද්‍ය සායනය ආරම්භක මොහොතේ සිට විශාල පිරිසක් මෙහි සේවාව ලබා ගැනීමට පැමිණ සිටිනු දක්නට ලැබුනි. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් හා මහපෙන්වීම මත ක්‍රියාත්මක මෙම වැඩ සටහන යටතේ කාන්තා රෝග, වකුගඩු රෝග,අක්ෂි රෝග, දන්ත, සායන ක්‍රියාත්මක කරන ලද අතර බාහිර රෝගී ප්‍රතිකාර මෙන්ම මූලික වෛද්‍ය පරීක්ෂණ පවා නොමිලයේ කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබුනි. එමෙන්ම, පාරම්පරික ආයුර්වේද හා හෝමියෝපති විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනීමේ අවස්ථාවද සලසා තිබූ මෙම වෛද්‍ය සායනය අද පෙ.ව. 09.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වූ බව සංවිධායකයන් පැවසීය. Post navigation ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට රටවල් 197 ක් ඡන්දය පාවිච්චි කරයි. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුවට අභියාචනාධිකරණය කල නියෝගය.