Post Views: 252 දින 14 ක් ඇතුළත 2021 වර්ෂයේ විගණිත ගිණුම් ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් අදාළ දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. අදාල ගිණුම් ප්‍රකාශණ ලබාදෙන ලෙස මෙයට පෙර කිහිප වරක් නිවේදන නිකුත් කර ඇති අතර මෙය අවසන් නිවේදනය වන බවත් කොමිසම සදහන් කරයි. මෙතෙක් ප්‍රධාන ධාරාවේ පක්ෂ කිහිපයක් සහ තවත් සුළු පක්ෂ කිහිපයක් මෙසේ ගිණුම් වාර්තා ලබාදීමට ඇති බවත් කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ අතර, 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ. අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. Post navigation හබරාදුව, කොග්ගලදී දී මෝටර් රථයක් දුම්රියේ ගැටී දෙදෙනකු මරුට.(වීඩීයෝ සහිතයි) ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට රටවල් 197 ක් ඡන්දය පාවිච්චි කරයි.