Post Views: 215 හබරාදුව, කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාර්ගය හරහා රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් නුවර සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ 8040 දුම්රියේ ගැටිමෙන් අද (16) දහවල් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ පැමිනි දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුනා. කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාර්ගයේදී ගැටුන මෝටර් රථය දුම්රියත් සමග මීටර් 200ක් පමණ දුරින් පිහිටි කොග්ගල ගුවන් හමුදා කදවුර අසල පිහිටි දුම්රිය හරස් මාර්ගය දක්වා ඇදීගොස් තිබුනා. අනතුරින් පසු ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව මහත් පරිශ්‍රමයක් යොදා මොටර් රථයේ සිරව සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු ඉවතට ගෙන තිබු අතර එවන විටත් එම දෙදෙනා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුනා. Post navigation වෘත්තීය සමිති ඒකාබද්ධ වර්ජනය හේතුවෙන් පාසල් වාර විභාග කල් දැමේ. වාර්ෂික ගිණුම් ප්රකාශන නැත්නම් පිළිගත් දේශපාලන පක්ෂ හිමිකම අහෝසියි.