ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයන් බඳවා ගැනීමට 2023 මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට ඉතාලි රජය විසින් කටයුතු සූදානම් කර ඇත.

කාලීන රැකියා (seasonal workers), කාලීන නොවන රැකියා (non seasonal workers) හා ස්වයං රැකියා (self employed) යන කාණ්ඩ ත්‍රිත්වයේ ඔස්සේ, ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි වේ.

මෙම වැඩසටහන යටතේ රැකියා අවස්ථා 82702 ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපීය නොවන රටවල් කිහිපයකට හිමිව ඇත.
2023 මාර්තු මස 27 දින පෙරවරු 09.00 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකිය.

https://immigration-portal.ec.europa.eu/italy-seasonal-worker_en?fbclid=IwAR13bGbynrzHLPkf-lSD5fAU3VQtSgNomMR1ND5iD4BRVxbpQFUnMnpDEjY

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මේ සම්බන්ධව නිකුත් කල නිවේදනය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *