Post Views: 242 ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට යෙදී ඇති කාන්තා දිනය සැමරීය. UL131 දරණ එම ශ්‍රී ලංකන් ගුවන් යානය ඊයේ (08) උදෑසන ඉන්දියාවේ ට්‍රිචි වෙත පිටත්ව ගොස් ආපසු පැමිණෙන ලදී. එහි කාර්ය මණ්ඩලයට කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුලසහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක් වූහ. Post navigation රුපියල ගුවනට යනවිටදී රන් මිල පහළට එයි. මාර්තු 27 න් පසුව ඉතාලි යන්න ලැබෙන අවස්ථාව මෙන්න.