පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ.

අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් තමන්ට විහාරස්ථානයේ විහාරාධිපතිකම තමන්ට ලබා දෙන්න යැයි බල කරමින් හලාවත, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී පැය අටකට වැඩි කාලයක් උපවාසයක නිරත විය.

විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ වාසය කර ඇත.

ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබීම ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය.

විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර, විහාරස්ථානයේ බලය තමා වෙත පවරන මෙන් වගකිව යුත්තන්ට බල කරමින් විපුලසාර හිමිනම මෙසේ උපවාසයේ නිරත විය.

පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *