Post Views: 430 පාදුක්ක පොලිස් වසමේ අංගම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තම විවාහක බිරිඳ ට දැඩි ලෙස පහර දී ඇයව නිරුවත් කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කොච්චි මිරිස් ආලේප කර ශාරීරික හිංසනයට ලක් කිරීමේ පුවතක් වාර්තාවේ. පාදුක්ක අංගම්පිටිය, සුහඳ මාවතේ පදිංචිකරුවකු වන සැකකරු සිය විවාහක බිරිඳට මෙසේ හිංසා කර ඇත.දරුවන් සිවු දෙනෙකුගේ මවක් වන ඇය 42 හැවිරිදි වියේ පසුවන්නියකි. ඔවුන්ගේ වැඩිමහල් පිරිමි දරුවා මහණ දිවියට ඇතුලත්ව ඇති අතර ඉතිරි දරුවන් තිදෙනා පිළිවෙලින් වයස අවුරුදු 12 ගැහැනු දරුවෙකු හා අවුරුදු 4 හා මාස 10 ක පිරිමි දරුවන් දෙදෙනෙකු වේ. මෙම කාන්තාවගේ ස්වාමියා වන සැකකරු වෙනත් කාන්තාවක් හා අනියම් සම්බන්ධකමක් පවත්වා ගෙන යන අතර තුර තම විවාහක බිරිඳට වෙනත් සම්බන්ධකම් ඇති බවට චෝදනා කරමින් නිරතුරුවම අඩන්තේට්ටම් කර ඇති බව පොලීසිය සදහන් කරයි. අධිකව මත්ද්‍රව්‍ය පානය කිරීමටද ඇබ්බැහිවී ඇති සැකකරුට ස්ථීර රැකියාවක් ද නොමැති අතර මොවුන්ගේ පවුලේ ආරවුල් සම්බන්ධව වරින් වර පොලිසියට ගෙන්වා අවවාද කර ඇති බවත් වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ දුන් පවුලේ සිටින දරුවන්ගේ අනාගතය ගැන අවධානය යොමුකළ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා වින්දිත කාන්තාව හා දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ඔවුන් ඇගේ දෙමාපියන් වෙත යැවීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් මෙම කාන්තාවගේ දෙමාපියන් පදිංචි අනුරාධපුරය වෙත යාමටවත් ඔවුන්ට මුදලක් නොතිබීම මත පාදුක්ක පොලිස් ස්ථානයේ නිළධාරීන් එකතුව ගමන් වියදම් සදහා අවශ්‍ය මුදල් ලබාදී පොලිස් ජීප් රථයකින්ම මාකුඹුර අධිවේගී බස් නැවතුම වෙත මව හා දරුවන් ඇරලවා ඇත. ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ෂණ කටයුතු සිදු කරමින් පවතී. Post navigation සුවසේවා අදත් උද්ඝෝෂණ වල නිරතවේ. Decisive discussion between IMF-MD Kristalina Georgieva and President Wickremesinghe