ශ්‍රී ලංකාවේ ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් අද කොළඹ BMICH පරිශ්‍රයේදී ආරම්භ විය.

medicare 2023 ප්‍රදර්ශනය අද (03) සිට 05 දා දක්වා දින තුනක කාලයක් පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වෙන අතර සෞඛ්‍යය ක්‍රේෂ්ත්‍රයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයම නියෝජනය කරමින් දේශීය හා ජාත්‍යන්තර ආයතන විසින් ප්‍රදර්ශන කුටි 100 කට අධික ප්‍රමාණයකින් සමන්විත වේ.

මෙවර ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දැක්වූ medicare 2023 සංවිධායක කමිටුව සහ asia wellness forum හි සභාපති වෛද්‍ය අමල් හර්ෂ පෙරේරා මහතා,
“medicare ප්‍රදර්ශනය 12 වැනි අදියර මෙලෙස සාර්ථකව සංවිධානය කිරීමට හැකිවීම අපට විශාල සතුටක් සහ ආඩම්බරයක් දශකයකට අධික කාලයක් පුරා අපි ක්‍රම ක්‍රමයෙන් මෙඩිකෙයා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුදුන්මල්කඩ බඳු නියෝජනය බවට පත් කිරීමට වෙහෙස වුණා වර්තමානයේ දී අපට ජාත්‍යන්තරව හා දේශීය වශයෙන් ලැබෙන පිළිගැනීම අපගේ ඒ උත්සාහය සාර්ථක වූ බවට අපට ලැබෙන සහතිකයක් එමෙන්ම වර්තමාන අභියෝගාත්මක තත්ත්වයක් තුළ පවා සියලුම පාර්ශවයන්ගෙන් අප ලද සහයෝගය මෙඩිකෙයා සාර්ථකත්වය ගැන නිදසුනක් යැයි අපි කල්පනා කරනවා” යනුවෙන් පැවසීය.

උත්සවයේ සමාරම්භක අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *