Post Views: 291 චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලද ඩීසල් ලීටර් මිලියන 6 ක් වී ගොවියන් වෙත ලබාදීම ආරම්භකල බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. මෙම ඩීසල් ලබා දී ඇත්තේ වී ගොවිතැන් සදහා බැවින් එය නිසි ලෙස බෙදා හැරීමේ කටයුත්ත සිදු කිරීම කලයුතු නිසාවෙන් ඉන්ධන බෙදා හැරීම ප්‍රමාදවී තිබුනි. මෙම ඩීසල් වී ගොවියන් සදහා පමණක් ලබාදෙන නිසා එය ටෝකන් පතකට නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්ක 5 ක හැර අන් සියළුම දිස්ත්‍රික්ක සදහා මෙම ටෝකන් මේ වනවිට බෙදාහැර අවසන් බවත් අමාත්‍යවරයා සදහන් කලා. Post navigation පොලිස්පති පුටුවට තිරය පිටුපස තුන්කොන් සටනක්. ශ්‍රී ලාංකීය නාමය සමගින් වේගා මෙරට ධාවනයට අවසරය ලබයි.