නුදුරේදීම පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් අතර තුන්කොන් සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 දින විශ්‍රාම ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් වත්මන් පොලිස්පති වෙත විශේෂ සේවා දිගුවක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු උත්සහා දරමින් සිටින බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *