රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේ දි දෙපාර්ශවයේ නීතිඥවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව නඩුව පසුවට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

ඇතිවූ තත්වය මත මහේස්ත්‍රාත්වරයා මෙම තීරණයට එළඹ ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *