ජීවන වියදම ඉහල යාම, අධික බදු බර, විදුලිබිල වැඩිකිරීම යන කරුනු මුල්කරගෙන අද (01) සිට වරාය,ජල,විදුලිය,සෞඛ්‍ය හා බැංකු වෘත්තීය සමිති ගණනාවක්ම උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මේ යටතේ අද වරාය වෘත්තීය සමිති එකමුතුව, ගුරු විදුහල්පති එකමුතුව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය, බැංකු සේවක සංගමය ආදී වෘත්තීය සංවිධාන ගණනාවක්ම වැඩවර්ජන හා උද්ඝෝෂණ දියත් කරන ලදී.

රටපුරාම ක්‍රියාත්මකවූ මෙම වැඩපිළිවෙල නිසා බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු අඩාලව පැවති අයුරු දක්නට ලැබුනි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද කොට්ටාව නගරයේදී තම විරෝධතාව සිදුකරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *