Post Views: 258 පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය ඉල්ලීමක් කර තිබේ. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමිනි. මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රකාශය මාධ්‍ය හරහා සමාජගත වී ඇති බැවින් කාන්තාවක් හා මවක ලෙස තමුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි. එවැනි සිදුවීම් හේතුවෙන් ජනතාව, උත්තරීතර පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් පිළිබඳව ඇතිකර ගන්නා ආකල්ප කෙබඳුදැයි, මන්ත්‍රීවරිය, කථානායකවරයාගේ අවධානයට යොමුකර ඇති අතර ඇය කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මෙම ගැටලුව වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි. Post navigation ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණය සහ පෙළපාලියට තහනමක් වෘත්තිකයන් යලි පාරට,රට පුරාම වැඩවර්ජන හා උද්ඝෝෂණ රැල්ලක ඇරඹුම.