ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබෙනවා.

අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළා.

ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස ද අධිකරණය දැනුම් දී තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *