Post Views: 313 අධික බදු බර හේතුවෙන් මෙරට සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමෙන් ජනතාව ඉතාමත් පීඩාවට පත් වී ඇති බවත් රටේ පවතින පීඩාකාරී වර්තමාන තත්වය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් අද (22 ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශ්‍රවණාගායේ දී මාධ්‍ය හමුවක් පැවැත්විණි. මෙහි දී අදහස් දැක්වූ පූජ්‍ය ශාස්ත්‍රවේදී බලංගොඩ සීලරතන හිමි, “විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් එය දරාගත නොහැකිව ජනතාව පීඩාවට ලක් වෙලා තියෙනවා. ජනතාවට ජීවත් වීම පවා අසිරුතාවකට පත් වෙලා තියෙනවා. අපි රජයට කියා සිටින්නේ අසාධාරණ විදුලි බිල වැඩිකිරීම වහාම නතර කරන්න කියලා. ජනාධිපතිවරයාට හා විදුලිබල අමාත්‍යවරයාට කියන්නේ පුද්ගල න්‍යාය පත්‍රවලට වැඩ කරන එක පසෙක ලා ජනතා න්‍යාය පත්‍රයකට අනුව ජනතාවට සහනයක් වන අයුරින් වැඩ කරන්න කියලා”. යනුවෙන් පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති සුමුදු මදුරංග මහතා මෙහිදී අදහස් දක්වමින්, “විදුලිය ඉන්ධන කියන්නේ තීරණාත්මක සාධක දෙකක්. විදුලිය ඉහල යනවා කියන්නේ ඊට සාපේක්ෂව භාණ්ඩවල මිල ඉහළ යන එක. භාණ්ඩ වල මිල ඉහළ ගියත් කිසිම රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක ජනතාවගේ මාසික වේතනය වැඩි වීමක් වෙලා නැහැ. නමුත් මේ රටේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක ජනතාවට මේ පඩියෙන් ජීවත් වෙන්න අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.අත්තනෝමතිකව විදුලි බිල 66% කින් වැඩි කරනවා. 360 ක විදුලි බිලක් ගෙවපු කෙනෙක් අද 1300 ක පමණ බිලක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. 780 ක බිල් ගෙවපු අයට 2500 කටත් එහා ගිය බිලක් ගෙවන්න සිදු වෙලා තියෙනවා. මේ විදුලි පරිභෝජනය ඒකක අනුවකට වඩා අඩු පිරිසට තමා දැඩි ලෙස බලපාල තියෙන්නේ. නමුත් දෛනික ආදායමවත් මාසික ආදායමවත් වැඩි වෙලා නැහැ. අහිංසක ජනතාවට තමයි මේ බදූ පටවලා නාඩගම් නටන්නේ. මිනිස්සු කවුරුවත් විදුලිය නිකන් ගත්තේ නැහැ. මේවට ජනතාව නෙවෙයි වග කියන්න ඔනේ. මේ බදු මුදල් විනාශ කරපු පාදඩ ආණ්ඩුව තමයි මීට වගකිව යුතු”. යනුවෙන් සදහන් කරන ලදී. “මැතිවරණයක් කියන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒ වගේම ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන අයිතියක්. මේ අයිතිය විනාශ කරමින් වර්තමාන පාලකයන් විසින් මැතිවරණය කල් දැමීමක නියැළෙනවා. කුමන ආණ්ඩුවක් තිබුණත් මැතිවරණයක් නිදහසේ පවත්වාගෙන යාමේ අයිතිය ලබා දිය යුතුයි. වත්මන් ජනාධිපතිවරයා ජනතාවගෙන් පත් වුණ ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඒ නිසා මහජනතාවගේ දුක ඔහුට තේරෙන්නේ නැහැ”. යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම් සමන් කුමාර මහතා පැවසීය. Post navigation මැතිවරණයට සහාය නොදුන් රජයේ නිළධාරීනට කරන දේ පැෆරල් මැතිවරණ කොමිසමෙන් අසයි. President urges all citizens to unite in efforts to overcome economic crisis and promote reconciliation