Post Views: 286 2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය දිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු මත ඡන්ද විමසීමට බාධාවන අයුරින් කටයුතු කරන බව දක්නට ලැබිණ බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය හා කර්තව්‍යයට සහයෝගය ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව ගෙන ඇති හා ගනු ලබන පියවර විමසා පැෆරල් සංවිධානය මගින් මැතිවරණ කොමිසමට ලිපියක් යවා ඇත. සම්පූර්ණ ලිපිය පහතින්, නිමල් පුංචිහේවා මහතා – සභාපති,එස්.බී. දිවාරත්න මහතා – සාමාජික,එම්.එම්. මොහොමඩ් මහතා – සාමාජික,කේ.පී.පී. පතිරණ මහතා – සාමාජික,මැතිවරණ කොමිෂන් සභාව,රාජගිරිය ගරු සභාපතිතුමනි / සාමාජික මහත්වරුනි,පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සහයෝගය ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග. 2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් නියමිත පරිදි පවත්වාගෙන යමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර පාමින් ඡන්ද විමසීමට බාධාවන අයුරින් කටයුතු කරන බවත් දිගින් දිගටම දක්නට ලැබිණි. ඡන්ද විමසීමක් පවත්වනු ලබන අවස්ථාවක එම කටයුත්ත සාර්ථකව නිම කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, පොලීසිය, රජයේ මුද්‍රණාලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුලු සියලු රාජ්‍ය ආයතන වල හා නිලධාරීන්ගේ සහයෝගය එකී ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් අවාසනාවකට මෙන් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දින නියම කර, එම කටයුත්ත ඉදිරියට යද්දී ඉහත පාර්ශවයන් සහයෝගය ලබානොදීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට බරපතල බාධා එල්ල වූ බවත් අපහට නිරීක්ෂණය විය. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සම්බන්ධයෙන් බලන කළ අතිශයින් හානිකර තත්ත්වයක් වන අතර ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ වලදී නරක පූර්වාදර්ශයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය හා කර්තව්‍යයට සහයෝගය ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව දැනට ගෙන ඇති පියවර කවරේද යන්නත් එලෙස පියවරක් ගෙන නොමැත්තේ නම් ඉදිරියේදී ගනු ලැබීමට අපේක්ෂිත පියවර කවරේද යන්නත් පිළිබඳවත් අපව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් කෘතඥවන්ත වෙමි. ස්තූතියි!මෙයට විශ්වාසී,රෝහණ හෙට්ටිආරච්චිවිධායක අධ්‍යක්ෂ Post navigation පළාත් පාලන මැතිවරණය සදහා මහ ජනතාව මැතිවරණ කොමිසම වෙත මුදල් ඇණවුම් යවයි. “අධික බදු බර හේතුවෙන් රටේ ජනතාවට ජීවත් වීම පවා අසිරුතාවකට පත්වෙලා” ශ්‍රීලංනිප තරුණ පෙරමුණ කියයි.