Post Views: 330 මුදල් ප්‍රථිපාදන නොමැති කමින් මැතිවරණය පැවැත්වීම නොකල යුතු බව පවසමින් පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් විසින් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ” මනි ඕඩර්” යැවීම සිදු කරන ලදී. පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණි පිරිස රුපියල් සියයයේ සිට රුපියල් පන්සියය දක්වා වටිනාකම් සදහන් මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදු කරන ලදී. මේ සම්බන්ධව අදහස් දැක්වූ එම ඡන්ද දායකයන් සදහන් කලේ, ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිතිවාසිකමක් වන මැතිවරණය පැවැත්වීම රජයේ වගකීමක් වන බවත් විවිධ හේතු පෙන්වමින් ජනතාවගේ එම මූලික අයිතිවාසිකම අහෝසි කිරීමට කිසිවිටෙකත් කටයුතු නොකලයුතු බවත් ය. එමෙන්ම රජයට මුදල් නොමැති බව පවසන නිසා තම අයිතිය ආරක්ෂා කර ගැනීමට මෙසේ මුදල් යැවීමට කටයුතු කල බවත් ඔවුන් පැවසීය. Post navigation වත්මන් බදු ප්‍රතිපත්තිය, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති පවසයි. මැතිවරණයට සහාය නොදුන් රජයේ නිළධාරීනට කරන දේ පැෆරල් මැතිවරණ කොමිසමෙන් අසයි.