Post Views: 254 වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළැඹි වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා යම් පාර්ශ්වයක් එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව ද කියා සිටියේය. තවද මෙරට ප්‍රධාන ණය හිමියන් වන පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තම මූල්‍ය සහාය දැක්වීමට මේ වන විට පැරිස් සමාජය සහතික වී ඇති බවයි. “2023 බදු සමුළුව” ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය විසින් සංවිධානය කර තිබූ අතර, බදු ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ සභාපති කෙන් විජයකුමාර්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති (බදුකරණ පීඨය)ටිෂාන් සුබසිංහ සහ බදු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්. එම්. එම්. මිෆ්ලි යන මහත්වරු සහභාගී වූහ. Post navigation ශ්‍රී දළදා මාලිගාව ගැන අපහාසාත්මකව කතාකල සේපාලට දුන් අධිකරණ තීන්දුව. පළාත් පාලන මැතිවරණය සදහා මහ ජනතාව මැතිවරණ කොමිසම වෙත මුදල් ඇණවුම් යවයි.