පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විපක්ෂයේ මංත්‍රීවරු පාර්ලිමේන්තු සභාගැබ මධ්‍යයට පැමිණ විරෝධය පලකිරීම නිසා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 09.30 දක්වා කල් තබන ලදී.

මංත්‍රීවරු පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මතකල අයවැයකින් මැතිවරණය සදහා මුදල් වෙන්කර තිබියදී නීත්‍යානූකූල ක්‍රමවේද අනුව නියමිත කාලයේදී පැවැත්විය යුතු මැතිවරණයක් ජනාධිපතිවරයාගේ තනි මතයට නොපවත්වන්නේ නම් එය ඉතාම වැරදි පූර්වාදර්ශයක් බවයි.
එසේ වුවහොත්, යම් අවස්ථාවක මුදල් නොමැති බව සදහන් කරමින් ජනාධිපතිවරණය වුවද නොපැත්වීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැවැත්වීමට මුදල් නොමැති බව පවසා පාර්ලිමේන්තුව පැවැත්වීම පවා නොකර සිටීමට හැකිවන බවත් සදහන් කලේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කටයුතු කරන බව කථානායක වරයා පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *