සීතාවක අවිස්සාවේල්ල නව සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සීතාවකට ඔඩිසි නව දුම්රිය සේවාව ආරම්භ කිරීම අද (15) සිදු කෙරුන අතර සෑම ඉරිදා දිනකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට ගමන් ආරම්භ කරන දුම්රිය වග දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන අතර එතැන් පටන් ඒකාබද්ධ බස් සේවාවක් මගින් සංචාරක ස්ථාන කරා රැගෙන යනු ඇත. නැවතත් පස්වරු 05.42 ට පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්‍රි 8 ට පමණ කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.

පළමු පන්තියේ හා දෙවන පන්තියේ සුඛෝපභෝගී ආසන වලින් සමන්විත මෙම දුම්රියේ පැමිණෙන මගීන්ට රන්මුදු ඇල්ල, ගොරකා ඇල්ල, කුමාරි ඇල්ල, ලබුගම කලටුවාව ජලාශය ආශ්‍රිත ප්‍රදේශය, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය නැරඹීමට පහසුකම් සලසා ඇත.

දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සමාරම්භ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදමිණී ගුණවර්ධන, මධුර විතානගේ, ප්‍රදීප් උඳුගොඩ ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන් සහ දෙස් විදෙස් සංචාරකයින් පිරිසක්ද එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *