Post Views: 394 පළාත් පාලන මැතිවරණය තාවකාලිකව අත් හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කල යුධහමුදා විශ්‍රාමික කර්නල් W.M.R.විජේසුන්දර නම් අය අධිකරණ ක්‍රියාමාර්ගයට යාම පිටුපස ආණ්ඩුවේ බළල් අතක් ඇතිබව හෙළිදරව් වන බව අරගලයේ සමාජ ක්‍රියාකාරීන් පවසයි. මේ බව තහවුරු කිරීමට ඔවුන් ඉදිරිපත් කරනුයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනපති යටතේ 2001 වසරේ ආණ්ඩුබලය ගත් එක්සත් ජාතික පක්ෂ රජයේ පාලනය යටතේ විජේසුන්දර මහතා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස පත්වීම් ලැබ 2002-2003 කාල සීමාවේ කටයුතු කර තිබීමයි. එවකට අගමැති ලෙස කටයුතු කලේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි. එයටත් අමතව විජේසුන්දර මහතා ඉඩම් සංවර්ධන සංස්ථාවේ අනු ආයතනයක් වන ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන සමාගම (LRDC Services (Pvt) Limited) හී අධ්‍යක්ෂ වරයෙක් ලෙස කටයුතු කරන බවත් සදහන් වන අතර ඒ බව LRDC services ආයතනයේ වෙබ් අඩවියේ පවා සදහන් ව ඇත. මෙම කරුණු අනුව අරගලයේ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ විජේසුන්දර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහාකරන බවයි. එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු විසින් සදහන් කල පරිදි ඔහු පූර්ණ කාලීන කුඹුරු වැඩ කරන පුද්ගලයෙකු නම් LRDC services ආයතනයේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරනුයේ කෙසේද යන්න ගැටළුවක් බවත් එසේ නම් ඔහු පවසන පරිදි ඔහු LRDC services ආයතනයේ වැටුප් හෝ දීමනා ගනු ලබනුයේ අයථා අන්දමින් විය යුතු බවත් සදහන් කරයි. විජේසුන්දර මහතාගේ ප්‍රකාශය https://fb.watch/i10c5ajAep/ ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කිරීම වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කල හැක. https://www.waterboard.lk/web/index.php?option=com_content&view=article&id=8&Itemid=104&lang=en LRDC services pvt ltd ආයතනයේ අධ්‍යක්ෂ වරයෙක් ලෙස කටයුතු කරන බව එහි වෙබ් අඩවියේ සදහන් වීම. https://lrdcservices.com/about.php Post navigation පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව නිකුත් කරයි. දේශීය හා විදේශීය සංචාරකයින්ට සීතාවක ඔඩිසි නව දුම්රිය සේවාව අද ඇරඹේ